ඉරාන නැවේ 208 දෙනාම ගොඩබිමට ගේනවා.. නැව කොළඹට ගේන්නෑ.. ත‍්‍රිකුණාමලයට ගෙනයනවා..

කොළඹ වරාය ආසන්නයේ රඳවා තිබෙන ඉරාන නෞකාවේ සිටින පුද්ගලයින් 208 දෙනෙකු ගොඩබිමට රැගෙන ඒමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එම නෞකාව කොළඹ වරාය වෙත ඇතුළු කර නොගැනීමට තීරණය කර ඇති අතර, එය ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.පවතින තත්ත්වය යටතේ අදාළ නෞකාව කොළඹ වරායට රැගෙන ආවහොත් ශ්‍රී ලංකාවේ නාවික කර්මාන්තයට ඉන් අහිතකර බලපෑම් එල්ල විය හැකි බැවින් මෙම පියවර ගත් බව ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.ඉරාන තානාපති කාර්යාලය ඇතුළු අදාළ පාර්ශව රැසක් සමඟ පවත්වන ලද සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණයට එළඹි බව ජනාධිපතිවරයා මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.මෙරට භූමිය මුහුදු සහ ගුවන් කලාපය කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාතී හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවට පත්වන ආකාරයට කටයුතු කිරීමට ඉඩ නොදෙන බව පැවසූ ජනාධිපතිවරයා කිසිම රාජ්‍යයකට යටත් ලෙස කටයුතු නොකරන බවත් සදහන් කලේය.පවතින යුදමය තත්ත්වයේදී රටක් ලෙස මධ්‍යස්ථ ප්‍රතිපත්තියක කටයුතු කරන බවත් ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේය.


6 d.
Military
ID: -8217257991759190983


Similar News expand_more


Military
Military
Military
Military
Military
Military
Military
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Entertainment
Sport
Sport
Military
Sport
Sport
Military
Military
Sport
Sport
Sport
Sport
Sport
Sport
Sport
Military
Military
Sport
Sport
Sport
Sport
Popular countries based on strong economic and political relations

Add Watch Country

arrow_drop_down